ශකිබ් අල් හසාන් මහමැතිවරණයට

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

පාලක Awami ලීගය ඔස්සේ ඔහු මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති අතර, ඒ සදහා වන ඔහුගේ නාමයෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ශකිබ් අල් හසාන් Magura-1 මැතිවරණ කොට්ඨාසයෙන් මැතිවරණයට තරග කරන අතර, ජනවාරි 7 වැනිදා එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ඇගිල්ලක ආබාධයෙන් තවමත් ශකිබ් සුවය ලබමින් පසුවනවා.

ඔහු යළි ක්‍රිකට් පිටියට පිවිසෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...