පාකිස්තාන කණ්ඩායමේ නව නායකයින් නිවේදනය කෙරේ

Date:

පාකිස්තාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

පාකිස්තාන නව ටෙස්ට් නායකයා ලෙස පත් කර ඇත්තේ ශාන් මසූඩ්. කෙසේ වෙතත්, එක්දින කණ්ඩායම සදහා නායකයෙකු මෙතෙක් පත් කර නැහැ.

මෙතෙක් තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස කටයුතු කළ බාබාර් අසාම් සිය ධූරයෙන් ඉවත් වීමට අද ගත් තීරණයත් සමගයි මෙම නව පත් කිරීම් සිදු කර ඇත්තේ.

බාබර් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුට තවදුරටත් ටෙස්ට් නායකත්වයේ රැදී සිටින ලෙසට ඉල්ලා සිටි නමුත්, බාබර් අසාම් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙසේ වෙතත්, ඔහුව සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් නිදහස් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණේ.

නමුත්, ටෙස්ට් නායකත්වය ද ඇතුළුව බාබර් අසාම් සියලු තරග රටාවල නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ අතර, එම තීරණයට සිය ආයතනය ගරු කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...