Watch : ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ගේ සුරතින් අරවින්ද Hall of Fame හිස්වැසුම ලබා ගනියි

Date:

ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අලුතින් ඇතුළත් කළ හිටපු සුපිරි ක්‍රීඩකයින් තිදෙනා හට ඊට අදාළ සමරු හිස්වැසුම් පිරි නැමීම අද (15) සිදු කෙරුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව හා නවසීලන්තය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ ආරම්භ වූ පළමු අවසන් පූර්ව තරගය අතරතුරයි.

ඒ අනුව 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ද සිය Hall of Fame හිස්වැසුම අද ලබා ගත්තා. (දර්ශන පහතින්)

ඒ, ICC Cricket Hall of Fame සාමාජික කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් අතින්.

අරවින්ද ද සිල්වාට අමතරව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද ෂෙවාග් හා ඉන්දීය හිටපු ක්‍රීඩිකාවක වන Diana Edulji ද මෙම ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

අරවින්ද ද සිල්වා Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කිරීමත් සමග එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව මේ වන විට සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද මෙම ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...