කෝලිගේ, අයියර්ගේ ශතක හා ෂාමිගේ කඩුලු 7 ඉන්දියාව අවසන් මහා තරගයට රැගෙන යයි

Date:

විරාත් කෝලි රැස් කළ වාර්තාගත 50 වැනි එක්දින ශතකය හා ෂ්රෙයස් අයියර් ලබා ගත් වේගවත් ශතකය මෙන්ම මොහමඩ් ෂාමිගේ කඩුලු 7 හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(15) සමත් වුණා.

තරගය ජය ගැනීමට ලකුණු 398 ක දැවැන්ත ඉලක්කයක් ඉන්දියාවෙන් නවසීලන්තයට හිමි වූ අතර, ඔවුන්ට පන්දුවාර 48.5 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327 ක් පමණයි.

සටන්කාමී ශතකයක් වාර්තා කළ ඩැරල් මිචෙල් පන්දු 119 කින් ලකුණු 134 ක් ලබා ගත් නමුත් සිය කණ්ඩායම පිට පිට තෙවැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයක් කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

නායක කේන් විලියම්සන් ලකුණු 69 කට දැවී ගියා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 181 (149) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ග්ලේන් පිලිප්ස් ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 57 කට කඩුලු 7 ක් දවා ගත්තා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 397 ක් රැස් කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

කෝලි පන්දු 113 කින් ලකුණු 117 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්. මෙතෙක් එක්දින ශතක 49 ක් වාර්තා කරමින් එක්දින පිටියේ වැඩිම ශතකලාභියා ලෙස සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ ලෝක වාර්තාව ඔහු අද බිද හෙලුවා.

අයියර් ලකුණු 105 ක් ලබා ගත්තේ පන්දු 70 කින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 100 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...