කණ්ඩායම් 4කට එරෙහි නවසීලන්ත ඉදිරි තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Date:

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නොවැම්බර් 27 වනදා ආරම්භ වන තරග වාරය මාර්තු 21 වනදා අවසන් වනු ඇති.

එහිදී බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් නවසීලන්ත තරග සංචාරවල නිරතවීමට නියමිතයි.

කොදෙව්වන් සහ පාකිස්තානය එරට සංචාරයේ නිරත වන්නේ නවසීලන්තයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහ තරග 3කින් යුත් 20යි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහායි.

ටෙස්ට් තරගාවලි ද්විත්වය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටයට ද අයත් වනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 20යි 20 තරග සදහා පමණක් සීමා වනු ඇති.

එහිදී දෙරට අතර තරග 5ක් පැවැත්වෙන අතර, අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයක නිරත වනවා.

ඒ, එක්දින සහ 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීම සදහායි.

තරග කාලසටහන –

black caps

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...