රෂීඩ් සන්රයිසස් පිලට පළමු ජය ගෙනෙයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව හයිදරාබාද් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 164ක් ලබාගත්තා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 77ක සබදතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටව් සමත් වුණා.

වෝනර් ලකුණු 45කට දැවී ගිය අතර, බෙයාර්ස්ටව් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53ක්.

කේන් විලියම්සන් පන්දු 26කින් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා සහ අමිට් මිශ්රා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

ශිකර් දවාන් ලකුණු 34ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 14කට කඩුලු 3ක් බිද හෙලුවා.

මෙය සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම මෙවර තරග වාරයේ ලැබූ පළමු ජය වන අතර, දිල්ලි කණ්ඩායම ලැබූ පළමු පරාජය ද වනවා.

දිල්ලි කණ්ඩායම මේ වන විට නවතම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, හයිදරාබාද් කණ්ඩායම 6 වැනි ස්ථානයේ පසුවනවා.

අවසන් ස්ථානයේ පසුවන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...