“ඕනෑම තැනක සිට අපට තරග දිනන්න පුලුවන්” – මහේල

Date:

තරගයක් තුළ දී ඕනෑම අර්බුදකාරී තත්ත්වයක සිට තරග ජය ගැනීමේ හැකියාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතු බව එහි පුහුණුකරු මහේල ජයවර්ධන පවසනවා.

ඒ සදහා මුම්බායි කණ්ඩායම සතුව දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ඊයේ(28) පැවැති තරගයෙන් සුපිරි පන්දුවාරයේ පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ එක් අවස්ථාවක මුම්බායි කණ්ඩායම දැවැන්ත පරාජයක් ලබනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාස කළ ද ඉෂාන් කිෂාන්ගේ සහ කිරන් පොලාඩ්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියා.

ඒ සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි මහේල මෙම අදහස් පල කළේ.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ දී යම් දුර්වලතාවයක් කණ්ඩායම පෙන්වූ බව සදහන් කළ මුම්බායි පුහුණුකරු වැඩිදුරටත් කියා සිටියේ පිතිකරණයේ දී ද පළමු පන්දුවාර 10 හොදින් සිය කණ්ඩායම ක්‍රීඩා නොකළ බවයි.

මේ අතර, සුපිරි පන්දුවාරය සදහා ඉෂාන් කිෂාන්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ද මෙහිදී මහේල ජයවර්ධනගෙන් ප්‍රශ්න කෙරුණා.

ඉෂාන් කිෂාන් මෙම තරගයේ දී හයේ පහර 9ක් සමගින් ලකුණු 99ක් ලබා ගත් බැවින් ඔහුට සුපිරි පන්දුවාරයේ දී පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දිය යුතුව තිබූ බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ.

කෙසේ වෙතත්, මහේල ජයවර්ධන සදහන් කළේ ඉෂාන් කිෂාන් එම අවස්ථාවේ දැඩි ලෙස වෙහෙස වී සිටි බැවින් ඔහු වෙනුවට හර්ඩික් පාන්ඩ්යා යැවීමට කටයුතු කළ බවයි.

මීට පෙර ද හර්ඩික් පාන්ඩ්යා මෙවැනි අවස්ථාවන්වලදී දක්ෂතා දක්වා ඇති අයෙකු බව මහේල මෙහිදී සිහිපත් කර සිටියා.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...