IPL 2020 : M 11 – විලියම්සන්ට අද අවස්ථාවක් හිමි වේද? Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්වූ දිල්ලි කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් මෙම තරගය සදහා ද ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයකට ලක් වූ ඉෂාන්ට් ෂර්මාගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

තරගාවලියේ කිසිදු තරගයක් මෙතෙක් ක්‍රීඩා නොකළ කේන් විලියම්සන් මෙම තරගයේ දී හයිදරාබාද් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගැනීමට ඇතැම් විට ඉඩ පවතිනවා.

දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...