“ඉස්සූරූ ග්‍රේට් ස්ටාර්ට්” ඉසුරුගේ මංගල කඩුල්ලට RCB ක්‍රීඩකයින් සුබ පැතුවේ මෙහෙමයි

Date:

අයි.පී.එල් වරම් හිමි කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව දක්ෂතා දැක් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට කණ්ඩායමේ පුහුණුකරු සයිමන් කැටිච් ප්‍රමුඛ ආර්.සී.බී කණ්ඩායම සුබ පැතුම් එක් කළ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(28) පැවැති 10 වැනි තරගයේ දී යි ඉසුරු සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළේ.

එම තරගයෙන් විරාට් කෝලි නායකත්වය දැරූ ආර්.සී.බී කණ්ඩායම සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට ද සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම ද පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 201ක් පමණයි.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා ක්‍රියාත්මක කෙරුණු සුපිරි පන්දුවාරයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි.

පිළිතුරු ලෙස බැංගලෝර් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී තරගයේ ජය තමන් සතු කර ගත්තා.

මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ ඉසුරු උදාන ලකුණු 45කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයෙන් අනතුරුව පැවැති කණ්ඩායම් රැස්වීමේ දී පුහුණුකරු සයිමන් කැටිච් විසින් සියලු ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීමට ලක් කළා.

එහිදී ඉසුරු උදාන සිය මංගල කඩුල්ල දවා ගනිමින් හොද ආරම්භයක් ලබා ගත් බව ඔහු කියා සිටියා.

එමෙන්ම පන්දු රැකීමේ දී ඉසුරු උදාන දැක් වූ දක්ෂතාවය ද සයිමන් කැටිච්ගේ ප්‍රශංසාවට ලක් වූ අයුරු අදාළ විඩියෝ දැක්වෙනවා.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...