තීරණාත්මකම මොහොතේ ඉෂාන්ගේ කඩුල්ල ඉසුරු දවා ගත් හැටි

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියේ 10 වැනි තරගය ඊයේ නිමා වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරයේ ජයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමි කර දෙමින්.

මෙම තරගය දෙස බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමුව තිබුණේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩාම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමි කර ගැනීම හේතුවෙන්.

ඔහු මුම්බායි ඉනිමේ වැදගත් කඩුලු දෙකක් දවා ගනිමින් මෙම තරගයේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට සමත් වුණා.

එහිදී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු නොලබා සිටි සූර්යකුමාර් යාදෙව් සහ ලකුණු 99ක් ලබා සිටි ඉෂාන් කිෂාන්.

ඉනිමේ පළමු පන්දුවාරය මෙන්ම අවසන් පන්දුවාරය යැවීමේ වගකීම පැවරුණේ ඉසුරු උදානටයි.

අවසන් පන්දුවාරයේ දී මුම්බායි කණ්ඩායම තරගය ජය ගැනීම සදහා ලකුණු 19ක් ලබා ගත යුතුව තිබූ අතර, පන්දුවට පහර දෙමින් සිටියේ කිරන් පොලාඩ් සහ ඉෂාන් කිෂාන්.

එම පන්දුවාරයේ දී හයේ පහර දෙකක් එල්ල කිරීමට ඉෂාන් කිෂාන් සමත් වූ නමුත්, ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ද ඉසුරු උදාන සමත් වුණා.(දර්ශන මෙතනින්)

කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ දී ලකුණු 18ක් ප්‍රතිවාදී මුම්බායි පිල රැස් කිරීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...