ඉසුරුගේ මංගල තරගයේ දී බැංගලෝරයට සුපිරි පන්දුවාරයේ ජයක් – Match Report

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියේ 10 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ, ඩුබායි හි පැවැති තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 201 බැගින් රැස් කිරීමෙන් අනතුරුවයි.

මෙම තරගයේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමි කර ගැනීමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් ලබා ගනිමින්.

ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 81ක්.

ආරෝන් ෆින්ච් ලකුණු 52(35) රැස් කළ අතර, දෙව්දුත් පඩික්කාල් ලකුණු 54(40)ක් රැස් කළා.

පෙර පැවැති තරග දෙකේදී ද අසාර්ථක වූ නායක විරාට් කෝලි ලකුණු 3කට දැවී ගියා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඒබී ඩි විලියස් ලකුණු 55ක් ලබා ගත්තේ පන්දු 24කදීයි.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමද නියමිත පන්දුවාර 20 තුළ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 201ක් පමණයි.

සිය මංගල තරගයේ දෙවැනි පන්දුවාරයේ දීම මංගල අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුණේ සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල දවා ගනිමින්.

ඉෂාන් කිෂාන් පන්දු 58කින් ලකුණු 99ක් ලබා ගත්තේ හයේ පහර 9ක් සහ හතරේ පහර 2ක් සමගින්.

පන්දු 20කින් සිය අර්ධ ශතකය වාර්තා කළ කිරන් පොලාඩ් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා. (6×5, 4×3)

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් පන්දුවාර 4 තුළ දී ලකුණු 12ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා.

ඉසුරු උදාන ලකුණු 45කට කඩුලු 2ක් බිද හෙලුවා.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරුණු අතර, එහි දී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි.

පිළිතුරු ලෙස බැංගලෝර් කණ්ඩායම සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී තරගයේ ජය තමන් සතු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...