ඉසුරු උදානගේ මංගල IPL කඩුල්ල මෙන්න

Date:

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සිය මංගල අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට අද (28) සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම ඉනිම ආරම්භ කිරීමේ දී පළමු පන්දුවාරය යැවීමේ අවස්ථාව හිමි වූයේ ද ඉසුරු උදානටයි.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී ඔහුට එරෙහිව රෝහිට් ෂර්මා සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.

නමුත් සිය දෙවැනි පන්දුවාරයේ දී හොදින් තරගයට අවතීර්ණ වූ ඉසුරු එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. (දර්ශන මෙතනින්)

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අද දිනයේ දී අයි.පී.එල් වරම් හිමි කර ගත් ඉසුරු උදානගේ මංගල අයි.පී.එල් කඩුල්ල ලෙසයි සූර්යකුමාර් යාදෙව්ගේ කඩුල්ල ඉතිහාසයට එක්වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...