තවත් LPL කණ්ඩායම් දෙකක් අලෙවි වෙයි – ක්‍රීඩක වෙන්දේසිය අනිද්දා

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 3ක් මේ වන විට අලෙවි වී ඇති බව වාර්තා වනවා.

ගාල්ල, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් මෙලෙස අලෙවි වී ඇති බව සදහන්.

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සදහා පාර්ශව 6ක් පමණ කැමැත්තෙන් පසුවනවා.

විදෙස් ක්‍රීඩකයින් 150 දෙනෙකු මෙවර එල්.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

කෙසේ වෙතත්,  දින 14ක කාලයක් නිරෝධායනය සදහා විදෙස් ක්‍රීඩකයින් ලක් කිරීමට අවශ්‍ය බැවින් මෙවර එල්.පී.එල් තරගාවලියෙන් ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉවත් වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.

දින 14 ක නිරෝධායන කාලසීමාවට එකගතාවය පල කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් ක්‍රීඩකයින්ට විද්‍යුත් පණිවිඩ ද යොමු කර තිබෙනවා.

ඒ සදහා බොහෝ ක්‍රීඩකයින්ගේ කැමැත්ත පල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙර සැලසුම් කළ පරිදි අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එළඹෙන පළමුවැනිදා ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

එහිදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වී දින 4කින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එදින සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...