ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට වායු දූෂනයෙන් බලපෑම් ; පුහුණු සැසියකුත් අවලංගු කෙරේ

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම අද(3) සහභාගී වීමට නියමිතව තිබූ පුහුණු සැසියක් දිල්ලි නුවර පවතින වායු දූෂණ තත්ත්වය හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා එම තීරණය ගත් බවයි කණ්ඩායමේ අධ්‍යක්ෂ කලෙඩ් මහ්මුද් සදහන් කළේ.

එළඹෙන 6 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව දිල්ලි හී දී තරග වැදීමට නියමිතව ඇති අතර, එම තරගය අරමුණු කර ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම පසුගිය බදාදා දිල්ලි නුවර වෙත පැමිණියා.

ශ්‍රී ලංකා තරගයට පෙර බංග්ලාදේශ කණ්ඩායම පුහුණු සැසි තුනකට එක්වීමට නියමිතව තිබූ අතර, පළමු පුහුණු සැසිය අද රාත්‍රියේ පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

ඊයේ දිනයේ දී දිල්ලි නුවරට වායු දූෂණය හේතුවෙන් හදිසි තත්ත්වයක් (air emergency) ප්‍රකාශයට පත් කෙරුණු අතර, දින දෙකක කාලයක් පාසල් වසා දැමීමට ද පියවර ගැණුනා. ඉදිකිරීම් සහ වාහන ගමනාගමනය සඳහා සීමා පැනවීමට ද රජය පියවර ගත්තා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් අයි.සී.සීය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුව නොමැති බව සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ද දිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර, වායු දූෂණ තත්ත්වය ඉහළ අගයක් ගතහොත් හෙට(4) පැවැත්වීමට නියමිත පුහුණුසැසිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ද කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී දිල්ලි ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයට ද වායු දූෂනයෙන් දැඩි බාධා එල්ල වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකට වායු දූෂනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...