ඉන්දීය සුපිරි ක්‍රීඩකයා ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල ද අහිමි වී තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග පසුගිය 19 වැනිදා පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්නා ඉන්දීය සංචිතයට ආදේශ කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

එම ආදේශ කිරීමට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පූනේ හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරය යොමු කරමින් සිටියදීයි පාන්ඩ්යා ආබාධයකට මුහුණ දුන්නේ.

එම පන්දුවාරයේ තෙවැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තමා දෙසට පෙරළා පැමිණි පන්දුව පාදයෙන් නතර කිරීමට ගත් උත්සාහයේ දී පාන්ඩ්යාගේ වම් වළලුකර ප්‍රදේශයේ ආබාධය සිදු වුණා.

ආබාධය හේතුවෙන් පසුගිය 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර, පසුගිය 29 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැති තරගය සදහා ඔහුව ක්‍රීඩා කරවීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත්, පාන්ඩ්යාට එම තරගය ද අහිමි වුණා.

අනතුරුව පසුගිය දෙවැනිදා ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ද ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...