බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින් ඇෆ්ඝනිස්තානය සිව්වැනි ජයත් ලබයි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(3) සමත් වුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 6 වැනි ස්ථානයේ රැදී සිටි ඇෆ්ඝනිස්තානය 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගනිමින්.

ඔවුන්ට වඩා ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියාව (තෙවැනි ස්ථානය) හා නවසීලන්තය (සිව්වැනි ස්ථානය) ද මේ වන විට ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 ක්. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 31.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රහ්මට් ශාහ් ලකුණු 52 ක් හා හෂ්මතුල්ලා ශහීඩි නොදැවී ලකුණු 56 ක් රැස් කරමින් සිය කණ්ඩායමට මෙවර තරගාවලියේ සිව්වැනි ජය ද හිමි කර දුන්නා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත ඉනිමේ දී දුවද්දී දැවී යාම් 4 ක් වාර්තා වීම කැපී පෙනුණා. Sybrand Engelbrecht ලකුණු 58 ක් ලබා ගත් අතර, Max O’Dowd ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් නබී ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...