ක්‍රිකට් ආයතනය කරුණු 4 ක් යටතේ පරාජ ගැන කරුණු විමසයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී හා විශේෂයෙන්ම ඊයේ ඉන්දියාව සමග පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් වහාම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු පුහුණුකරුවන්ට හා තේරීම් කමිටු නිළධාරීන්ට දන්වා තිබෙනවා.

තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දක්ෂතා හා අවමන් සහගත පරාජයන් – කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්‍ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් වෘත්තීමය කාර්යය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරි සහ වගකීම් ඉටු කිරීමට කිසිවිටෙක බාධා නොකළ බව ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගවීම, විනිවිදභාවය සහ විෂය ගැටලු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳව තරයේ විශ්වාස කරන බවත්, දුර්වල ක්‍රීඩා විලාශයට හේතු හදුනා ගැනීමේ අරමුණ හා වැඩිදියුණු කළ යුතු අංශ හදුනා ගැනීමේ අරමුණ ඇතිව පුහුණුකරුවන්ගෙන් කරුණු විමසීමක් මෙලෙස සිදු කර ඇති බවත්, ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඒ අනුව කරුණු 4 ක් යටතේ පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසයි ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට හා තේරීම් කමිටුවට දන්වා ඇත්තේ.

1 – උපාය මාර්ග හා සූදානම්වීම, 2 – එක් එක් තරගය සදහා ක්‍රීඩක තේරීම් සිදු කළ අයුරු හා වෙනස්කම් කළ හේතු, 3 – ක්‍රීඩකයින්ගේ හා කණ්ඩායමේ දක්ෂතා තක්සේරු කිරීම, ශක්තීන් හා දුර්වලතා මෙන්ම ආබාධ හා යෝග්‍යතා ගැටලු, 4 – පශ්චාත්-තරග විශ්ලේෂණය කිරීම් යන කරුණු ඔස්සේ මෙම පැහැදිලි කිරීම සිදු කරන ලෙස ක්‍රිකට් ආයතනය දන්වා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...