ඉන්දියාව දකින කොට බය වෙනවද? සහාය පුහුණුකරු පිළිතුරු දෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය නිසි පරිදි සකස් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසනවා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 302 ක අන්ත පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ, ඉන්දීය කණ්ඩායම මුණ ගැසෙන විට ක්‍රීඩකයින්ගේ මානසික බිද වැටීමක් සිදු වන්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

එම මතය පිළිගනිමින් නවීඩ් නවාස් සදහන් කළේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය සකස් කිරීම වෙනුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර වැඩපිළිවෙලක් ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත්, එවැනි කටයුත්තක් සදහා පල පුරුදු මනෝවිද්‍යාඥයින්ගේ අඩුවක් මෙරට තුළ පවතින බැවින් එම කටයුතු අඛණ්ඩව සිදු නොවුණ බව ද සහාය පුහුණුකරු පෙන්වා දුන්නා.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී ලකුණු 50 කට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම ද ක්‍රීඩකයින්ට යම් මානසික බලපෑමක් සිදු කර ඇති බව දක්නට ලැබෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙවැනි දුර්වල පිතිහරඹයක් මෙවර තරගාවලියේ වෙනත් තරගවලදී නොදුටු බවයි හෙතෙම සදහන් කළේ.

ලොව හොදම කණ්ඩායම් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර දක්ෂතා අතර පරතරයක් ද පවතින බවත්, සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඒ හේතුවෙන් බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...