නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නා ලෝක කුසලානයෙන් ඉවතට, ආදේශක ක්‍රීඩකයාටත් අනුමැතිය

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රිට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී මුහුණු දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ඔහු වෙනුවට නවසීලන්ත සංචිතය සදහා ක්යල් ජමීසන් ආදේශ කර ඇති අතර, ඒ සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.

ජමීසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර ඉන්දියාවේ දී නවසීලන්ත සංචිතය සමග එක්ව සිටියේ ආබාධයකට ලක්ව සිටි ටිම් සවුති වෙනුවට අවශ්‍ය වුවහොත් සංචිතයට පැමිණීමේ අරමුණින්.

කෙසේ වෙතත්. පසුව ඔහු යළි නවසීලන්තය බලා පිටව ගිය අතර, ඊයේ පස්වරුවේ දී යළි ඔහු බැංගලූරුහී දී නවසීලන්ත සංචිතය සමග එක් වුණා.

ඒ අනුව හෙට(4) පාකිස්තානය සමග පැවැත්වෙන තරගය සදහා ජමීසන් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට ‍එංගලන්තය සමග හෙට පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත යළි සිය රට බලා පිටත්ව ගොස් ඇති බැවින්.

ඔහුට අමතරව කම්පන තත්ත්වයකට මුහුණ දී සිටින ග්ලේන් මැක්ස්වෙල්ට ද හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...