ශහීන් ශාහ් අෆ්රිඩි ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම අසි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණට පැමිණීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි සමත්ව තිබෙනවා.

මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම වැඩිම කඩුලු ලාභියා වන 23 හැවිරි අෆ්රිඩි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ලෝක කුසලානයේ දී මේ දක්වා ඉනිම් 7කදී කඩුලු 16 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හමුවේ මෙතෙක් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ ජොෂ් හේසල්වුඩ්ට මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබෙනවා.

මොහමඩ් සිරාජ් හා කේෂාව් මහරාජ් ද එක් ස්ථානය බැගින් පසු බැස ඇති අතර, ඒ අනුව ඔවුන් මේ වන විට පිළිවෙළින් තෙවැනි හා සිව්වැනි ස්ථානවලයි රැදී සිටින්නේ.

අෆ්රිඩි ඕනෑම තරග රටාවකින් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

එක්දින පිතිකරුවන් අතර පෙරමුණ ද පාකිස්තානයේ බාබර් අසාම් විසින් තවදුරටත් හිමි කර ගෙන සිටිනවා. කෙසේ වෙතත්, ඔහු හා ඉන්දියාවේ ෂුබ්මන් ගිල් අතර පවතින්නේ ශ්‍රේණිගත ලකුණු දෙකක පරතරයක් පමණයි.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ මහීෂ් තීක්ෂණයි. ඔහු 16 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ 21 වැනි ස්ථානයේ රැදී සිටින පැතුම් නිස්සංකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...