මම දැක්ක පළමු ක්‍රිකට්ලෝලියා ඔහු : පර්සිගේ අභාවය ගැන රෝහිත් ෂර්මා කතා කරයි

Date:

ජනප්‍රිය තරග දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතාගේ අභාවය ක්‍රිකට් ක්ෂේත්‍රයට විශාල කනගාටුවක් බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසනවා.

ශ්‍රී ලංකාව සමග අද(2) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට පෙර ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම වාසනාවන්ත වුණා ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ඔහුව හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ව මුණ ගැසෙන්න. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ ලෝලියෙක්. ඔහු තමයි මම දැක්ක පළමු ක්‍රිකට්ලෝලියා.” යනුවෙන් රෝහිත් කියා සිටියා.

“මම පළමු වතාවට ඇත්තටම ශ්‍රී ලංකාවට ගියේ 2005 (2006) වසරේ දී 19න් පහළ ලෝක කුසලානය සදහා. ඔහු එදා හිටියා. නමුත් මම පොඩි ළමයෙක් එතකොට. මට අදහසක් තිබුණේ නැහැ ක්‍රිකට් පිටියෙන් එළියේ වැඩ වෙන්නේ කොහොමද කියලා.

“නමුත් මම 2008 වසරේ දී පළමු වතාවට ඉන්දීය කණ්ඩායම සමග ශ්‍රී ලංකාවට ගියාම මම ඔහුව පළමුව දැක්කා. මම දැක්කා ඔහු කොච්චර උද්යෝගිමත්ද කියලා.

“මම වාසනාවන්ත වුණා ඔහුගේ පවුල මුණ ගැසෙන්න. ඔහුගේ පුතා, මුනුපුරා. ඔහුගේ පවුල හරි සුන්දරයි. ඔහුගේ නැති වීම ක්‍රිකට් ක්ෂේත්‍රයට දැඩි කණගාටුවක්. මම හිතන්නේ ඔහු තමයි ක්‍රිකට්වල පළමු ලෝලියා වුණේ. දැන් ගොඩක් ලෝලියෝ ඉන්නවා. නමුත් ඉතිහාසයේ මම දැකපු පළමු ක්‍රිකට් ලෝලියා වුණේ ඔහු. මෙය හැමෝටම කනගාටුදායක අවස්ථාවක්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...