ගොල්ෆ් අනතුරකට මුහුණ දුන් මැක්ස්වෙල් කම්පන තත්ත්වයකට ගොදුරු වෙයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සෙනසුරාදා පැවැත්වීමට නියමිත එංගලන්තයට එරෙහි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුණ දුන් අනතුරක් නිසා කම්පන (concussion) තත්ත්වයකට මුහුණ දීම හේතුවෙන්.

පසුගිය සදුදා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අහ්මදාබාද් හී දී මෙලෙස ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතව තිබූ බව සදහන්.

මැක්ස්වෙල්ට ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට එරට ක්‍රිකට් බලධාරීන් විශ්වාසය පල කරනවා.

තරගාවලියේ දී මේ දක්වා ලකුණු 196 ක් වාර්තා කිරීමට මැක්ස්වෙල් සමත්ව සිටින අතර, ඔහු දවා ගත් කඩුලු ගණන 4ක්.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ද මැක්ස්වෙල් පසුගියදා සමත් වුණා.

ඔහු නෙදර්ලන්තයට එරෙහිව එම දක්ෂතාවය දක්වනු ලැබුවේ පන්දු 40 ක් පමණක් වැය කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...