Watch : ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව මැක්ස්වෙල්ට

Date:

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් අද(25) සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව පන්දු 40 කින් සිය ශතකය සම්පූර්ණ කරමින්.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 399 ක් රැස් කරමින්.

ඩේවිඩ් වෝනර් පන්දු 93 කින් ලකුණු 104 ක් රැස් කළ අතර, මැක්ස්වෙල් පන්දු 44 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 106 ක් ලබා ගත්තා.

මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්. ඔහු සිය පළමු පන්දු 20 තුළ දී රැස් කර තිබුණේ ලකුණු 34 ක් පමණයි. අනතුරුව ඔහු මුහුණ දුන් පන්දු 20 තුළ දී මැක්ස්වෙල් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

මීට පෙර ලෝක කුසලාන තරගයක වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් විසින්.

ඔහු මෙවර තරගාවලියේ දී දිල්ලි හී දී ම පැවැති ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී පන්දු 49 කින් ශතකයක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...