Watch : නෙදර්ලන්ත ක්‍රීඩකයා රැක ගත් සුපිරි උඩ පන්දුව නොදැවී යාමක් වූ හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයේ දී නෙදර්ලන්ත ක්‍රීඩක van der Merwe රැක ගත් සුපිරි උඩ පන්දුවක් තෙවන විනිසුරු විසින් නොදැවී යාමක් ලෙස නම් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට අද(25) සමත් වුණා.

ඔස්ට්‍රේලියාවට එරෙහි මෙම තරගය දිල්ලි හී දී ආරම්භ වුණේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණයත් සමගයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 23 වැනි පන්දුවාරය Bas de Leede විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ 5 වැනි පන්දුවට ඩේවිඩ් වෝනර් එල්ල කළ පහරකින් පසුව short extra cover ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි van der Merwe විසින් මෙම විශිෂ්ඨ පන්දු රැකීමේ දක්ෂතාවය පෙන්නුම් කළා.

අනතුරුව එම උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තේ ද යන්න තීරණය කිරීමේ වගකීම තෙවන විනිසුරුට පැවරුණු අතර, පුනරූපන නැරඹීමෙන් පසුව ඔහු තීරණය කළේ එය නොදැවී යාමක් බවයි.

van der Merwe උඩ පන්දුව රැක ගැනීමෙන් පසුව ඔහුගේ වම් අත සමග පන්දුව බිම ස්පර්ශ වන බවක් දක්නට ලැබීම මෙම තීරණය ගැනීමට හේතු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...