Watch : මැක්ස්වෙල්ගේ සුපිරි ඉනිම අතරතුර ගහපු ඇදහිය නොහැකි සුපිරි හයේ පහර මෙන්න

Date:

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයේ වාර්තාව තමන් සතු කර ගනිමින් ඔස්ට්‍රේලියානු පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් අද (25) නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කළ විශිෂ්ඨ ඉනිම අතරතුර දී ඔහු එල්ල කළ එක් සුවිශේෂී හයේ පහරක් ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයින්ගේ ද දැඩි පැසසුමට ලක්ව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය වූ මෙම තරග‍ෙය් දී මැක්ස්වෙල් පන්දු 40 කින් සිය ශතකය සම්පූර්ණ කරමිනුයි අදාළ වාර්තාව පිහිටුවනු ලැබුවේ.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 399 ක් රැස් කරමින්.

මැක්ස්වෙල් පන්දු 44 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 106 ක් ලබා ගත්තා. මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

ඔහු එල්ල කළ හයේ පහරවල් අතරින් ස්විච් හිට් පහරකින් වේග පන්දු යවන ක්‍රීඩක Bas de Leede ට එරෙහිව මැක්ස්වෙල් එල්ල කළ හයේ පහරක් බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

එම හයේ පහරත් සමග ඔහු සිය අර්ධ ශතකය ද සම්පූර්ණ කර ගත්තේ පන්දු 27 කට පමණක් මුහුණ දෙමින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...