තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනය කරුණු පහදයි

Date:

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා නෙදර්ලන්තය සමග පැවැති ලෝක කුසලාන තරගයේ දී ඔහුගේ දකුණු පාදයේ වේදනාවක් ඇතිව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුව වෛද්‍ය පරීක්ෂණ (MRI scan) සදහා යොමු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, එම වෛද්‍ය වාර්තාවලට අනුව අනාවරණය වී ඇත්තේ ඔහුට නව ආබාධයක් හෝ ආසියානු කුසලාන තරගාවලියේ දී සිදු වූ ආබාධය යළි උග්‍ර වීමක් සිදුව නොමැති බවයි.

මේ වන විට ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔහු අද දිනයේ දී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් සදහා ද එක්ව තිබෙනවා.

තීක්ෂණට එළඹෙන 26 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...