පතිරණ ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයා අයි.සී.සී නිවේදනය කරයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ උරහිසක සිදුව ඇති ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

ඔහුව දින 10 ක කාලයක් පුනරුත්තාපන ක්‍රියාවලියකට යටත් කර තිබූ නමුත්, ඔහු තවමත් සුදුසු යෝග්‍යතාවයක පසු නොවන බැවින් තරගාවලියෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එම ආදේශ කිරීමට මේ වන විට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද නිවේදනය කළේ.

36 හැවිරිදි මැතිව්ස් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය ජූනි දෙවැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව හම්බන්තොට පැවැති තරගයේ දී යි.

මැතිව්ස් මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ සිය සිව්වැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානයයි.(2011, 2015, 2019, 2023)

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මේ වන විට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාවේ රැදී සිටින නමුත්, ඔහු තවමත් ප්‍රධාන සංචිතයට ඇතුළත්ව නැහැ.

ආබාධයකින් පසුව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොසිටි බැවින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නම් කෙරුණේ නැහැ.

කෙසේ වෙතත්, ආබාධය සුව වීම හේතුවෙන් ඔහු පසුගිය 20 වැනිදා ඇන්ජෙලෝ මැතිව්ස් සමගින් ඉන්දියාවේ දී ශ්‍රී ලංකා සංචිතය සමග අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් වුණා.

ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයෙකුට ආබාධයක් සිදු වුවහොත් කඩිනමින් ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමේ අරමුණ ඇතිවයි ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණය ගෙන තිබුණේ.

මීට පෙර නායක දසුන් ශානක ද ආබාධයකට ලක් වූ අතර, ඔහු වෙනුවට චාමික කරුණාරත්න සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...