ඩී කොක්ගේ 174 හමුවේ බංග්ලාදේශයට දැවැන්ත පරාජයක්

Date:

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 140 කින් වාර්තා කළ ලකුණු 174 හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 149 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(24) සමත් වුණා.

මෙම ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට සමත් වුණේ දෙවැනි ස්ථානයේ පසු වූ නවසීලන්තය තෙවැනි ස්ථානයට ඇද දමමින්.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් ලබා ගනිමින්.

හෙන්රික් ක්ලාසන් පන්දු 49 කින් වේගවත් ලකුණු 90 ක් ද , නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 60 ක් ද ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමක් කළා. ක්ලාසන්ගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

සුපිරි ශතකයක් වාර්තා කළ ඩී කොක් සිය ඉනිම හයේ පහර 7 කින් හා හතරේ පහර 15 කින් වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 67 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233 ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ මහ්මුදුල්ලාහ් පන්දු 111 කින් ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී කඩුලු 3 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන්, ලිසාඩ් විලියම්ස් හා කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...