දෙවැනි යොවුන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඊයේ(24) සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් පිල පන්දුවාර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 254 ක්.

Arafat Minhas ලකුණු 95 ක් ලබා ගත් අතර, Shamyl Hussain ලකුණු 53 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රුවිශාන් පෙරේරා ලකුණු 49 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 43.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 195 ක් පමණයි.

පුලිදු පෙරේරා ලකුණු 36 ක් රැස් කළ අතර, රවිශාන් ද සිල්වා හා විහස් තෙව්මික (නොදැවී) ලකුණු 32 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Ubaid Shah හා Ahmed Hussain කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...