Watch : පිට පිට සුපිරි පන්දු දෙකකින් ෂාමි දවා ගත් සුපිරි කඩුලු 2 මෙන්න

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට ඉන්දියාවේ මොහමඩ් ෂාමි අද(22) සමත් වුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කළ පළමු තරගය මෙය වූ අතර, තරගයේ දී ඔහු ලකුණු 54 කට බිද හෙලූ කඩුලු ගණන 5 ක්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ විල් යන්ග්, රචින් රවීන්ද්‍ර, ඩැරල් මිචෙල්, මිචෙල් සැන්ට්නර් හා මැට් හෙන්රි යන ක්‍රීඩකයින්.

ධරම්ශාලා හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්. ඩැරල් මිචෙල් ලකුණු 130 යි.

ඉනිමේ 7 වැනි හා 8 වැනි කඩුලු පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ෂාමි සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්.

සැන්ට්නර් හා හෙන්රි දවා ගැනීම සදහා ඔහු එම සුපිරි පන්දු දෙක යොමු කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...