Watch : ඝන මීදුමකින් ඉන්දු-නවසීලන්ත ලෝක කුසලාන තරගයට බාධා

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයට අද(22) ඝන මිදුම් තත්ත්වයකින් බලපෑම් එල්ල වුණා.

මෙම තරගය ධරම්ශාලා හී දී අද පස්වරුවේ ආරම්භ වූයේ සත්කාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

නවසීලන්ත පිළිතුරු ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී පමණ තරගයට මීදුම් තත්ත්වයෙන් බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත්, විනිසුරුවරුන් තරගය අඛන්ඩව පවත්වාගෙන යාමට පළමුව තීරණය කළ නමුත්, 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තරගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.

මිනිත්තු 15 ක පමණ කාලයක් තරගය එලෙස අත්හිටුවා තිබූ අතර, අනතුරුව කාළගුණ තත්ත්වය යහපත් අතට හැරීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...