චමරිගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දක්වමින් Sydney Thunder කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද(22) සමත් වුණා.

North Sydney හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 42 කින් පරාජයට පත් වූයේ Sydney Sixers කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Thunder කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තේ චමරි අතපත්තු පන්දු 39 කින් රැස් කළ ලකුණු 52 න් ශක්තිමත් වෙමින්. ඇයගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

Phoebe Litchfield පන්දු 28 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sydney Sixers කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148 ක පමණයි.

නායිකා Ellyse Perry ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 20 කට දවා ගත් කඩුලු ගණන 3ක්. Heather Knight ලකුණු 27 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...