ඇලෙස්ටයාර් කුක් වසර 20 ක ක්‍රිකට් දිවියට සමු දෙයි

Date:

එංගලන්ත හා එසෙක්ස් ක්‍රීඩක ඇලෙස්ටයාර් කුක් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

එංගලන්තයේ වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන කුක් වසර 20 ක කාලයක් වෘත්තීය ක්‍රිකට් පිටියේ දැක ගත හැකි වුණා.

38 හැවිරිදි ඔහු 2018 වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් නමුත්, එතැන් සිට වසර පහක කාලයක් ඔහු එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කළා.

ඇලෙස්ටයාර් කුක් ටෙස්ට් තරග 161 කදී ලකුණු 12,472 ක් වාර්තා කර තිබුණේ ශතක 33 ක් ද සමගින්. ඔහු පළමු පෙල තරග 352 කදී ලකුණු 26,643 ක් රැස් කර තිබෙනවා.

ටෙස්ට් පිටියේ දී පමණක් නොව ඔහු එක්දින තරග 92 කදී හා 20යි 20 තරග 4 කදී ද එංගලන්තය නියෝජනය කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...