ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට

Date:

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ, නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී ඇය දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

මෙම සම්මානය සදහා මෙවර චමරි සමග නිර්දේශ කර තිබුණේ දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt හා Nadine de Klerk ක්‍රීඩිකාවන්.

එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එංගලන්ත කාන්තා කණ්ඩායම 20යි 20 තරගාවලියෙන් පරාජයට පත් කළ අතර, එය ඕනෑම තරග රටාවකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහනය ලෙසයි ඉතිහාසගත වුණේ.

එම 20යි 20 තරගාවලියේ වීරවරිය ලෙස ද චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම සදහා ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඇය සමත් වුණා.

සැප්තැම්බර් මාසයේ දී 33 හැවිරිදි චමරි 20යි 20 තරග 5කදී හා එක්දින තරග 3කදී ලකුණු 208 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය ලකුණු 26 ක් ලෙස සටහන් කර ගනිමින්. එමෙන්ම ඇය කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තේ ඉන්දියාවේ ෂූබ්මන් ගිල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...