පාකිස්තාන තරගය අභියස ෂුබ්මන් ගිල් ගැන සුබ ආරංචියක් ; 7-0 වාර්තාව අදින් අවසන් වේවිද?

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(14) පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල්ට 99% ක අවස්ථාවක් පවතින බව නායක රෝහිත් ෂර්මා පවසනවා.

තරගයට පෙර ඊයේ දිනයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ෂර්මා ඒ බව කියා සිටියා.

ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් ගිල්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරග දෙක වන ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය හා ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගය අහිමි වුණා.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු අහ්මදාබාද් හී දී සිය පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය අද පස්වරු 2ට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග හතම ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.

ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ඉන්දියාව පරාජයට පත් කිරීමේ අරමුණින් බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම අද තරග බිමට පිවිසෙනවා.

මේ අතර, ඊයේ පැවැති නවසීලන්ත-බංග්ලාදේශ තරගයේ දී ආබාධයකට ලක් වූ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා.

එමෙන්ම එම තරගයේදී ආබාධයකට ලක් වූ නවසීලන්ත නායක කේන් විලියම්සන් ද අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...