අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි ; පදක්කම් බලාපොරොත්තුවත් බිද වැටෙයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියෙන් පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(4) සිදු වුණා.

ඒ, තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 8කින් පරාජයට පත් වීමත් සමගයි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අද තරග බිමට පිවිසි අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 116 ක් පමණයි.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 51(52) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

සහන් ආරච්චිගේ කඩුලු 2 ක් ද, විජයකාන්ත් වියස්කාන්ත් හා ලහිරු සමරකෝන් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා. නිමේෂ් විමුක්ති සිය පන්දුවාර 4 තුළ දී ලබා දුන්නේ ලකුණු 13 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 9කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 16 කටත් දැවී ගියා. නුවනිදු ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 5ක් පමණයි. නායක සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 22(29) ක් ලබා ගත්තා.

අශේන් බණ්ඩාර ලකුණු 13 කට දැවී ගියා. ලහිරු උදාර ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, රවිදු ප්‍රනාන්දු ලකුණු 9යි. ලහිරු සමරකෝන් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි. විජයකාන්ත් වියස්කාන්ත් නොදැවී ලකුණු 14 යි.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් හා කායිස් අහ්මඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...