ලෝක කුසලානයට දිනක් තිබියදී එංගලන්ත කණ්ඩායමෙන් අසුබ ආරංචියක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට එක් දිනක් ඉතිරිව ඇති පසුබිමක තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ උකුල ආශ්‍රිත සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

තරගාවලියේ පළමු තරගය හෙට(5) එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ අහ්මදාබාද් හී දී යි.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ස්ටොක්ස් 2022 වසරේ දී එක්දින ජාත්‍යන්තර පිටියට සමු දුන් නමුත්, පසුගිය අගෝස්තු මාසයේ දී යළි ඔහු එක්දින පිටියට පිවිසියේ ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔහු දණහිසක ආබාධයක් ද සහිතව මෙලෙස එක්දින පිටියට පිවිසි අතර, ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පන්දු යැවීම සදහා ඔහුව යොදා ගන්නේ නැහැ. ස්ටොක්ස් විශේෂඥ පිතිකරුවෙකු ලෙසයි තරගාවලියට එක්ව සිටින්නේ.

පසුගිය සදුදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගය සදහා ද බෙන් ස්ටොක්ස් ක්‍රීඩා කළේ නැහැ. ඔහු මේ වන විට මුහුණ දී සිටින උකුල ආශ්‍රිත ආබාධය නිසා එම තරගයට ඔහු ක්‍රීඩා නොකළ බව සදහන්.

සති 7ක පමණ කාලයක් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ දී ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමකට ලක් කිරීමට සිය කණ්ඩායම සූදානම් නොමැති බවයි ජොස් බට්ලර් අද මාධ්‍ය වෙත සදහන් කළේ.

ස්ටොක්ස් හෙට තරගයට ක්‍රීඩා නොකළහොත් එම තරගය සදහා හැරී බෘෘක් ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...