විශ්වගේ සුපිරි පන්දු යැවීම හමුවේ Durham පිලට ඉනිමක විශිෂ්ඨ ජයක්

Date:

විශ්ව ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නන් දැක් වූ සුපිරි දක්ෂතා හමුවේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ Leicestershire කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 141 ක ජයක් වාර්තා කිරීමට Durham කණ්ඩායම අද(29) සමත් වුණා.

චෙස්ටර්-ලී-ස්ට්‍රීට්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Durham කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 457 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවනු ලැබුවා.

අනතුරුව පිට පිට සිය ඉනිම් ද්විත්වයම ක්‍රීඩා කිරීමට සිදු වූ Leicestershire කණ්ඩායමට පළමු ඉනිමේ දී ලකුණු 143 කටත්, දෙවැනි ඉනිමේ දී ලකුණු 173කටත් දැවී යාමට සිදු වුණා.

පළමු ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 40 ක් ලබා දෙමින්. Ben Raine කඩුලු 5 ක් බිද හෙලුවා.

දෙවැනි ඉනිමේ දී ද සාර්ථක පන්දු යැවීමක නිරත වූ විශ්ව ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා. මැට් පාර්කින්සන් ද කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...