පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Date:

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් අද(29) ඔවුන් බංග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වුණා.

ගුවහාටි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 263 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 68 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ධනංජය ද සිල්වා ලකුණු 55 යි.

කුසල් පෙරේරා පන්දු 24 කින් ලකුණු 34 ක් ලබා සිටියදී උරහිසක ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දැවී ගියා.

සධීර සමරවික්‍රම ලකුණු දෙකකටත්, චරිත් අසලංක ලකුණු 18 කටත් දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 18 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 10 යි. දුෂාන් හේමන්ත ලකුණු 11 ක් ද, ලහිරු කුමාර නොදැවී ලකුණු 13 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මහෙදි හසාන් ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 131 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ටන්සිඩ් හසාන් හා ලිටොන් දාස් සමත් වුණා. ලිටොන් ලකුණු 61 ක් රැස් කළ අතර, ටන්සිඩ් ලකුණු 84 යි. තව්හිද් හ්රිදෝයි පළමු පන්දුවෙන්ම දැවී ගියා.

මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙය වූ මෙහිදි හසාන් මිරාස් නොදැවී ලකුණු 67 ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 35 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර, දුනිත් වෙල්ලාලගේ හා දුෂාන් හේමන්ත කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...