පාකිස්තාන-නවසීලන්ත තරගයේ දොරටු ප්‍රේක්ෂකයින්ට වැසේ ; නිල නිවේදනය නිකුත් වෙයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැත්වීමට නියමිත පාකිස්තාන-නවසීලන්ත තරගය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවසර ලබා නොදී පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද(25) නිවේදනය කළා.

ඒ, ආරක්ෂක අංශ විසින් ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගනිමින්.

මෙම තරගය එළඹෙන 29 වැනිදා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එදින පැවැත්වීමට නියමිත ආගමික උත්සවයක් හේතුවෙන් තරගය සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අංශ වෙත නොහැකි වී ඇති බවයි වාර්තා වුණේ.

ආගමික උත්සවය නිසා එදින හයිදරාබාද් නගරයට දැවැන්ත ජනකායක් එක් රැස් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, එම තරගය නැරඹීම සදහා මේ වන විටත් ප්‍රේක්ෂකයින් රැසක් ‌ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අවසන්ව ඇති බැවින් ඔවුන් සියලු දෙනාට ඊට අදාළ මුදල් ආපසු ලබා දෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මීට පෙර ද ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් තරගාවලියේ තරග කාලසටහන ද සංශෝදනය කිරීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...