පාකිස්තාන කණ්ඩායමේ වීසා ප්‍රශ්නයේ අලුත්ම තත්ත්වය මෙන්න

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ඉන්දීය රජය විසින් මේ වන විට අනුමත කර තිබෙනවා.

ඒ, ඩුබායි හරහා ඉන්දියාවේ හයිදරාබාද් වෙත පාකිස්තාන කණ්ඩායම ගමන් කිරීමට තවත් පැය 48 කටත් අඩු කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

වීසා නිකුත් කිරීම ප්‍රමාද වීම පිළිබඳව සිය අප්‍රසාදය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ලිඛිතව දන්වා පැය කිහිපයකට පසුව අද දිනයේ දී මෙම අනුමත කිරීම සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වීසා ප්‍රමාදය හේතුවෙන් ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින් සදහා සැලසුම් කර තිබූ ඩුබායි හි දින දෙකක සංචාරයක් අවලංගු කිරීමට ද පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සිදු වුණා.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන කණ්ඩායම එළඹෙන බදාදා දිනයේ දී ඩුබායි හරහා හයිදරාබාද් වෙත පැමිණීමට නියමිතයි.

ඔවුන් ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය එළඹෙන සිකුරාදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ආරක්ෂක හේතූන් මත එම තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...