සචිත්‍ර සේනානායකට ඇප

Date:

ක්‍රීඩකයින් දෙදෙනෙකුව තරග පාවාදීමකට පොළඹවා ගැනීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් පසුගිය 6 වැනිදා අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අද(25) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් 5,000,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප නියම කිරීම සිදු කර තිබෙනවා.

සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් මීට පෙර නිකුත් කළ නියෝගය ද තවදුරටත් බලපැවැත්වෙනවා. ලබන දෙසැම්බර් 12 වැනිදා ඔහු යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සචිත්‍ර සේනානායක විසින් ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි සිට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවට චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ අතර, ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කළේ.

38 හැවිරිදි සේනානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක්, එක්දින තරග 49 ක් හා 20යි 20 තරග 24 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...