තෙවැනි එක්දින තරගයේ නායකත්වය ශන්ටෝට

Date:

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්ටෝ පත් කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය අභියස මෙම තරගාවලිය පැවැත්වෙන බැවින් පළමු එක්දින තරග දෙකෙන් ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් විවේක ගැන්වීමට එරට තේරිම් කමිටුව පියවර ගෙන තිබුණා.

ඒ අනුව තෙවැනි තරගය සදහා එලෙස විවේක ගැන්වූ ක්‍රීඩකයින් රැසක් කැදවා ඇති අතර, ඒ වෙනුවට පළමු තරග දෙක ක්‍රීඩා කළ වැඩබලන නායක ලෙස කටයුතු කළ ලිටොන් දාස්, තමිම් ඉක්බාල් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් තෙවැනි තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

ශන්ටෝට අමතරව මුෂ්ෆිකර් රහීම්, මෙහිදි හසාන් මිරාස්, ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් ද තෙවැනි තරගය වෙනුවෙන් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සෞම්‍ය සාකාර්, නුරුල් හසාන් හා කලෙඩ් අහ්මඩ් සංචිතයෙන් ඉවත් කිරීමට ද තීරණය කර තිබෙනවා.

නජ්මුල් හොසේන් ශන්ටෝ නායකයා ලෙස නම් කරමින් සංචිතයට කැදවා ඇත්තේ නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය මේ වන විට සුවය ලබා ඇති බැවිනුයි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට(26) මීර්පූර් හී දී පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad:

Najmul Hossain Shanto (c), Tanzid Hasan Tamim, Zakir Hasan, Anamul Haque Bijoy, Towhid Hridoy, Mahmudullah, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Mahedi Hasan, Nasum Ahmed, Taskin Ahmed, Shoriful Islam, Hasan Mahmud and Rishad Hossain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...