6 වැනි වතාවේ දී වාසනාවන්ත වූ ගයනා පිල CPL ශූරතාවය පළමු වරට දිනයි

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් හිමි කර ගනිමින්.

මෙය ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. මීට පෙර ඔවුන් අවසන් තරග 5 ක් ක්‍රීඩා කර ඇතත්, එම අවස්ථා පහේ දී ම ඔවුන් පරාජයට පත් වුණා.

ගයානා හි ප්‍රොවිඩෙන්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි.

කේසි කාර්ති ලකුණු 38 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 4 ක් දවා ගත්තා. ගුඩකේෂ් මොටියා සිය පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 2 ක් ද, ඉම්රාන් තහීර් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 8කට කඩුලු 2 ක් ද දවා ගැනීම කැපී පෙනුණෘ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමසන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සයිම් අයුබ් පන්දු 41 කින් ලකුණු 52 ක් නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. ෂේයි හෝප් නොදැවී ලකුණු 32 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...