T20 ලෝක කුසලානයට යොදා ගැනෙන සියලු ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

Date:

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යොදා ගැනෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රීඩාංගන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව කැරිබියන් දූපත් 7කදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගන 3 ක් ද ලෝක කුසලාන 20යි 20 තරගාවලිය සදහා යොදා ගැනෙන බව ඊයේ නිවේදනය කෙරුණා.(Dallas, Florida හා New York)

කොදෙව් දූපත්හි Antigua & Barbuda, Barbados, Dominica, Guyana, St Lucia, Trinidad & Tobago, හා St Vincent & The Grenadines හී දී ද තරග පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය අද නිවේදනය කළේ.

තරගාවලිය 2024 වසරේ ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත රටවල් ගණන 20 ක්. තරග 55 ක් තරගාවලියට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...