Update : ක්‍රීඩාංගන සේවකයින්ට ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් හා සිරාජ්ගෙන් මූල්‍ය ත්‍යාග

Date:

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරුවන්ට හා ක්‍රීඩාංගන සේවකයින්ට මූල්‍ය ත්‍යාග පිරිනැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගත්තා.

ඒ, මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීම සදහා ඔවුන් දැක් වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන්.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගයෙන් පසුව ඔවුන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූල්‍ය ත්‍යාගයක් ලබා දීමටයි පියවර ගැණුනේ.

එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 16 ක පමණ මුදලක්.

මෙවර තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී තරග පැවැත්වීම වෙනුවෙන් ක්‍රීඩාංගන සේවකයින් දැක් වූ දායකත්වය පාර්ශව රැසක ඇගයීමට ලක් වුණා.

මේ අතර, තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දියාවේ මොහමඩ් සිරාජ් ද එම සම්මානය වෙනුවෙන් තමන්ට හිමි වූ ත්‍යාග මුදල (US $5000) ක්‍රීඩාංගන සේවකයින් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.

(අවසන් මහා තරගයෙන් පසුව මෙම පුවත යාවත්කාලීන කර ඇත)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...