ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමි කර දෙමින් ආසියානු කුසලානය 8 වැනි වරටත් ඉන්දියාවට

Date:

මොහමඩ් සිරාජ්ගේ අනර්ඝ පන්දු යැවීම හා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හමුවේ 8 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දවා ගනිමින් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තරගය නියමිත පරිදි පස්වරු 3 ට ආරම්භ කිරීමට නොහැකි වූයේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන්.

අනතුරුව පස්වරු 3.40ට තරගය ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 50 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ඒ, පන්දුවාර 15.2 ක් පමණක් යොමු කරමින්.

කුසල් පෙරේරා පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු දෙකයි. සධීර සමරවික්‍රම හා චරිත් අසලංක ද ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු 4 යි. අනතුරුව නායක දසුන් ශානක ද ලකුණු නොලබා දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 8කට දැවී ගිය අතර, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13 යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහමඩ් සිරාජ් ලකුණු 21 කට කඩුලු 6 ක් දවා ගත්තා. හර්ඩික් පාන්ඩ්යා කඩුලු 3 ක් ද, ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 6.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 ක් හා ඉෂාන් කිෂන් නොදැවී ලකුණු 23 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...