එංගලන්ත ලෝක කුසලාන සංචිතයට වෙනසක්

Date:

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට එක් වෙනසක් සිදු කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජේසන් රෝයි වෙනුවට හැරී බෘෘක් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර රෝයි ලෝක කුසලානයට නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් නවසීලන්තය සමග නිමා වූ තරග 4 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කිසිදු තරගයක් සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

රෝයි සංචිතයෙන් ඉවත් කිරීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඩේවිඩ් මලාන් සමගින් ජොනී බෙයාර්ස්ටව් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

හැරී බෘෘක් ලෝක කුසලාන සංචිතයට නම් නොකිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් යොමු වූ තීරණයක් බවට පත් වුණා.

එවැනි පසුබිමක වුවද, නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී හැරී බෘෘක් සැලකිය යුතු දක්ෂතා පිත්තෙන් දැක්වීමට සමත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, පසුගිය වසරක පමණ කාලයේ දී ඔහු විශේෂයෙන් ටෙස්ට් පිටියේ දී ඉහළ දක්ෂතා දැක් වීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...