Asia Cup Final : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාව වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කර ඇති අතර, ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරගයෙන් විවේක ගැන්වූ ප්‍රබල ක්‍රීඩකයින් මෙම තරගය සදහා කැදවා තිබෙනවා.

ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල්ට මෙම තරගය අහිමි වීම හේතුවෙන් වොෂින්ටන් සුන්දර් ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Perera, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Dushan Hemantha, Pramod Madushan, Matheesha Pathirana

India XI:

Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, KL Rahul(w), Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Washington Sundar, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...