මම පිත්තෙන් අසාර්ථක වුණත් හොඳ තීරණ ගන්න කෙනෙක් : දසුන් ශානක

Date:

තමා කණ්ඩායම මෙහෙයවීමේ දී ඒ සදහා පිතිකරණය බලපෑමක් කර නොගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

මෑත කාලයේ දී පිතිකරණයෙන් අසාර්ථක වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී යි.

“මම කණ්ඩායම මෙහෙයවන්න ගියාම මගේ පිතිකරණය සංසන්දනය කරන්නේ නැහැ. තණතීරුවේ දී පිතිකරුවෙකු වීමට වඩා මගේ තීරණ ගැනීම වැදගත්.” යනුවෙන් දසුන් සදහන් කළා.

“මම කියන්නේ නෑ පිතිකරණය වැදගත් නෑ කියලා. ඒත් මට පිත්තෙන් වෙච්ච දේ අමතක කරන්න ඕන. තීරණ ගැනීමට අවශ්‍ය සෑම විටම මම සන්සුන්ව සිටිය යුතුය.

“මම ගොඩක් වෙලාවට මාව දකින්නේ පිත්තෙන් අසාර්ථක වුණත් හොඳ තීරණ ගන්න කෙනෙක් විදියට. අපට තිබූ ගැටලු මඟහරවා ගැනීමට එය කණ්ඩායමට උපකාර කරලා තියෙනවා. මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන මම තේරීම් කමිටුවට ස්තූතිවන්ත විය යුතුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...